වාලච්චේන ඔට්ටමාවඩි පාලම අසල රණවිරු ස්මාරකයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.
ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයේ රට වෙනුවෙන් දිවි දුන් ත්‍රිවිඩ හමුදාවේ හා පොලිසිවල නිලධාරීන් මෙන්ම මුස්ලිම් ජාතිකයන් 187 දෙනෙකුගේ නම් ඇතුළත් ස්මාරකය මෙලෙස ගිනි තබා ඇත.
ස්මාරකය අසලට ගෝනි දමා ගිනි තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම ගිනි ගැනීම දුටු ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වහා ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඇති වූ ගින්නෙන් ස්මාරකය පහළ කොටසේ පැති දෙකක් කලු පැහ ගැන් වී ඇති අතර වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.