උසස් පෙළ කලා සිසුන්ට ගණිතය සහ විද්‍යාව හැදෑරීමේ අවස්ථාව…!

August 9, 2023 at 11:21 am | by emanisa.lk

ඉදිරියේ දී කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ගණිත සහ විද්‍යා විෂය ධාරාවල විෂයන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2048 සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා අනාගත පරපුර සූදානම් කරලීම සඳහා එවැනි අධ්‍යාපනික තීන්දුගත යුතු බවයි, ජනාධිපතිවරයා අවධාරණය කළේ.

එසේ ම දේශපාලනයේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම උදෙසා ගතයුතු තීන්දු තීරණ ගැනීමට මහත් ඕනෑකමින් කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් හමු වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *