රටේ නායකයෝ වෙන්න බලා ගෙන ඉන්නේ පිරිමි ගණිකාවෝ…! – චාමර…

August 9, 2023 at 8:31 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ පිරිමි ගණිකාවන් සිටින බවත් එම පිරිස අනාගතයේ නායකයන් වෙන්න බලාපොරොත්තුව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

කන්කසන්තුරේ යකඩ කර්මාන්තශාලාවේ යකඩ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල කරන්නේ එම පිරිස් විසින් බව ද ඔහු පැවසීය.

මේ පිළිබඳව පරීක්‍ෂණ කරන්නැයි පොලිස්පතිවරයාට අවස්ථා කිහිපයකදීම පැමිණිලි කර ඇති බවත් හෙතෙම කීය.

රාජ්‍ය ඇමතිවරයාගේ එම ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ දී දැඩි විරෝධයක් එල්ල වූ අතර මූලාසනය ද ඔහුට අවවාද කරනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *