ලංගම සේවකයින්ට නීතියට පිටින් මිලියන 2508ක අතිකාල…!

August 6, 2023 at 10:57 am | by emanisa.lk

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් එහි සේවකයන්ට 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 2,508 ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

අතිකාල දීමනා ගෙවීම විනිවිදභාවයෙන් තොරව සිදුකර ඇති අතර අතිකාල පාලනය සම්බන්ධයෙන් කළමනාකාරණය තම වගකීම නිසි පරිදි ඉටුකර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ඇඟිලි සලකුණු යන්ත්‍ර අක්‍රිය වීමට ඉඩහැරීම අතිකාල පාලනයට සෘජුව බලපා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට රුපියල් 1.20ක් විය යුතු අතර ඒ අනුව 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 566කට වැඩි නොවිය යුතු වේ. එහෙත් 2022 වර්ෂයේ අතිකාල වියදම රුපියල් මිලියන 3074ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *