ලංගම ඩිපෝ 107න් 40ක් වහන්න ඔන්න මෙන්න…!

June 19, 2023 at 2:32 pm | by emanisa.lk

ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව වාර්තා වෙයි.

ලංගම සතු ඩිපෝ 107 අතරින් ඩිපෝ 40ක් මේ වන විට අඛණ්ඩව පාඩු ලබන තත්ත්වයේ තිබෙන බව කී එම නිලධාරියා, එම ඩිපෝවලින් වැඩි සංඛ්‍යාවක් ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ බව ද එහි නිලධාරියෙක් සඳහන් කළේය.

පාඩු ලබන ඩිපෝ වසා දැමීමට පෙර පාඩු නොලබන තත්ත්වයට පත්කිරීමට මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව කී එම නිලධාරියා, එම ක්‍රියාමාර්ගය අසාර්ථක වුවහොත් ඒවා වසා දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *