රාජපක්ෂලාට හම්බන්තොට ගොවියාට වතුර ටිකවත් දෙන්න බැරි වුණා…! – ලක්ෂ්මන් කිරිඇල්ල…

August 6, 2023 at 5:26 am | by emanisa.lk

රාජපක්ෂලාගේ දේශපාලන බල ප්‍රදේශය වන හම්බන්තොට ගොවීන්ට වතුර ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ තමන්ට බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

රාජපක්ෂලා පරම්පරා ගණනාවක් දේශපාලනය කළ ද ජනාධිපතිකම් අගමැතිකම් කළ ද හම්බන්තොට ගොවීන්ට වතුර ටික පවා නැතැයි හෙතෙම චෝදනා කරයි.

පැරණි රජ දවස පටන් පළමුව ජලය පානයට ද දෙවනුව ගොවිතැන සඳහා ද භාවිත කළ බවත් විදුලිය යනු ඊට පසු සපුරාලිය යුත්තක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

කෝටි ප්‍රකෝටි ගණන් වැයකර උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළ ද අද වතුරයි මුදලුයි දෙකම නැතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි. සමනල වැව, වළවේ ව්‍යාපෘතිය ඇතුළු හම්බන්තොට අවට ඇති ජලාශ මගින් හම්බන්තොට ගොව් ජනතාවට වතුර ලබා දිය යුතු බව ද කිරිඇල්ල අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *