නැඳුන්ගමුවේ රාජා මාස 16ක් තිස්සේ සීත පෙට්ටියේ…!

August 4, 2023 at 10:01 am | by emanisa.lk

නැදුන්ගමුවේ විජයරාජා හස්තියාගේ චර්මය වසරකුත් මාස හතරක් තිස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධිශිතකරණයක තැන්පත් කර තැබීමට සිදුව ඇත.

ඒ, සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි. 2022 වසරේ මාර්තු 07 වෙනිදා මෙම ඇතා මරුමුවට පත්විය.

අවුරුදු 69ක් වයසැති මෙම හස්තියා ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 7 වැනිදා ය. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය​යේ කරඬුව වැඩම කරවීමට දායක වූ මෙම හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කිරීමෙන් පසු හස්තියාගේ චර්මය ඉවත් කර ඇත්තේ එම මස 16 වැනිදා ය.

මෙම සංරක්ෂණ කටයුතු සඳහා දළදා මාලිගාව, කෞතුකාගාර දෙපාර්තමේන්තුව ලක්ෂ 20කට අධික විදමක් දරා තිබේ. ලක්සල ආයතනයට අයත් ගොඩනැඟිල්ලක් මේ සඳහා තෝරා ගත්ත ද මෙතෙක් එම ගොඩනැඟිල්ල ඒ සඳහා භාර දී නොමැත.

ඇතාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන තිබී ඇත්තේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් ලක්සල ආයතනයට බදු පදනම මත ලබා දී තිබෙන ගොඩනැගිල්ලකි. ඒ අනුව එම ගොඩනැගිල්ලේ භාණ්ඩ ඉවත් කර ගැනීමට මීට වසරකට පමණ පෙර දැනුම් දී තිබෙන නමුත් මේ දක්වා එම ගොඩනැගිල්ල කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර දී නැත.

මේ නිසා කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් ස්වාභාවික විද්‍යා ගොඩනැගිල්ලේ ස්ථානයක හස්තියා සංරක්ෂණය කිරීමට තීරණය කර තිබෙන බව කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනූජා සමරසිංහ පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *