හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ නියෝගය වළක්වාලමිනි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. මෙම පෙත්සම ලබන පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය වැඩි දුරටත් නියෝග කර තිබේ.