ජාතික ගීය රිමික්ස් කළ උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි…!

August 2, 2023 at 3:34 pm | by emanisa.lk

උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.

ඒ ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනාව සම්බන්ධවයි.

අද (02) දිනයේ උමාරා සිංහවශට අමාත්‍යංශය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යවා ඇති බව වාර්තා වෙයි..

උමාරාට එල්ල වූ චෝදනාවත් සමඟ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමාවෙත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රංජිත් අසෝකට දැනුම් දී තිබිණි. අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට ලේකම්වරයා විසින් සිදුකළ දැනුම්දීමට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවීමක් සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් මූලිකව සොයා බලනු ඇත. විමර්ශනයට පසු අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදී ඉන්අනතුරුව නීතිපති උපදෙස් ලබාගැනීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *