ගුරුවරු පන්සිය දෙනෙක් පමණ මේ වන විට නීත්‍යනුකූල අනුමැතියකින් තොරව විදෙස් ගත වී සිටින බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පස් වසරකට නිවාඩු ගෙන විදෙස් රැකියා සඳහා යාමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබෙන සහනය යටතේ මෙම ගුරුවරු අයැදුම්කර ඇති නමුත් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය ලබා දී නැත.
අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති නමුත් විදෙස්ගත වීමට අවශ්‍ය අනෙකුත් සියලු කටයුතු අවසන් කර තිබී ඇති හෙයින් ඔවුන් විදෙස් ගත වී ඇත.
නිවාඩු ලබා ගෙන විදෙස් ගතවීමට සියලු රජයේ සේවකයන්ට ඇති අවස්ථාව ගුරුවරුන්ට නොලැබීම අසාධාරණයක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.
විදෙස්ගත වන සෑම නිලධාරියෙකුම මෙරට බැංකු පද්ධතිය ඔස්සේ තම නමින් ආරම්භ කරන ලද අනේවාසික ගිණුමකට මාසිකව මුදල් ප්‍රේෂණය කළ යුතුය.