ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරට පොලිස් සහ ඉඩම් බලතල ලබා දෙන බව ප්‍රකාශ කරමින් විශාල ප්‍රෝඪාවක් කරන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් හේවගේ පවසයි.
ගාල්ලේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මේ උප්පරවැට්ටි දමන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඡන්ද කුට්ටිය නම් කේජු කෑල්ල දෙස බලා ගෙන බවයි.
නලින් හේවගේ එහි දී සඳහන් කළේ මේ පාලකයින් ජනතාවට දීමට නොව ජනතාවගෙන් නැවත ගැනීමට සූදානම් වන බවයි. 13 වන සංශෝධනය යටතේ ලබා දුන් පළාත් සභාව ද වසර 05ක් තිස්සේ කල් දමන පාලකයින් අලුත් යමක් දෙමළ ජනතාවට ලබා දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.
ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ගහන බෙර පදයට නටන රනිල් වික්‍රමසිංහගේ සර්වපාක්ෂික පූට්ටුවට අනාගතය දකින පරිණත දේශපාලන ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණ එකතු නොවන බවයි, නලින් හේවගේ ප්‍රකාශ කළේ.