මහ බැංකු බෝම්බයෙන් වසර 200කට හිරේ ගිය කොටියාට ජනාධිපති සමාව…!

July 22, 2023 at 3:55 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිර දඬුවමක් නියම වී එල්ටීටීඊ සාමාජිකයෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සමාව පිරිනමා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මේ බව තහවුරු කළ අතර පසුගිය 18 වැනිදා ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටව ගොස් ඇත. බන්ධනාගාරය තුළ ගත කළ යහපත් කල්ක්‍රියාව මත පදනම ජනාධිපති සමාව ලබා දී තිබේ.

1996 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *