ගෝඨාට සල්ලි දෙන්න ව්‍යාපාරික අරමුදලක් පොහොට්ටුවට නෑ…! – සාගර…

July 21, 2023 at 7:34 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරන ආකාරයේ ව්‍යාපාරික අරමුදලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව එහි මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අරගලකරුවන් ජනාධිපති මැදුරේ තිබී සොයාගත් රු. එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණු ව්‍යාපාරික අරමුදලින් තමන් වෙත ලැබුණු බවට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

එම මුදල් ව්‍යපාරික ප්‍රජාව සහ වියත්මග ඔස්සේ ගෝඨාභය රාජපක්ෂට ලැබෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි, සාගර කාරියවසම් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *