පසුගිය වසරේ ජුලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මැදුරේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලින් තමන් වෙත භාරදුන් ඒවා බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් ලබා දෙමින් මෙය අනාවරණය කළ බවයි, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේට වාර්තා කර ඇත්තේ.
එම මුදල් අරගලකරුවන් විනාශ කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසගේ දේපළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබූ ඒවා බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත.