ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල (18) දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව පාන් නිෂ්පාදනය සඳහා භාවිත කරන ප්‍රිමා මිල්ක් බ්‍රැන්ඩ් කිලෝවක් එම සමාගම අලෙවි නියෝජිතයන්ට රු. 210 කට නිකුත් කරන අතර, එය වෙළඳපොළේ රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි වනු ඇත.
නව මිල අනුව එම සමාගම ග්‍රින් තිරිඟු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිඟු පිටි කිලෝවක් රු 210 ක සිල්ලර මිලකට අලෙවි කරන බවයි, අලෙවි නියෝජිතයින් කියා සිටියේ.