අනුරපුර විශ්වවිද්‍යාලය වධකාගාරයක්…! නවක සිසුහු පාඨමලා අතහැර යති…!

July 17, 2023 at 12:29 pm | by emanisa.lk

අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනයේ (වෘත්තීය විශ්වවිද්‍යාලය) තෙවර්ෂ උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට මීට මාසයකට පමණ පෙර බඳවා ගත් නවක සිසුන් අට දෙනකු පමණ එම පාඨමාලාව හැදෑරීම හැර ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දෙන අමානුෂික නවක වධය දරාගත නොහැකිව මෙලෙස සිසුන් පාඨමාලාව හැර යාමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ පිරිමි සිසුන් විසින් අධ්‍යාපනික කටයුතු පැවැත්වෙන දිනවල එම විද්‍යායතනයේ නාන කාමර වෙත නවක සිසුන් කැඳවාගෙන ගොස් කලිසම් සහ යට ඇඳුම් බලහත්කාරයෙන් ගලවා පසුව නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බව ද පැවසේ.

තවද ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් දැනුවත් කිරීමේ රැස්වීම් පැවැත්වීමේ මුවාවෙන් රාත්‍රී කාලයේ නවක සිසුවියන් ලැඟුම් ගෙන සිටින නවාතැන් පොළවලට ගොස් ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදින එම සිසුවියන් සිය ඥාතීන්ට පවසා ඇත. මේ නිසා ඇතැම් නවක සිසු සිසුවියන් මේ වන විට දැඩි මානසික ආතතියකින් පෙළෙන බව විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් පැවසීය.

ඒ හා සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් වීඩියෝ පට හා හඬ පට පවා ඇතැම් වැඩිහිටියන් සතුව ඇති බවත් ඊට එරෙහිව බලධාරීන් ඉදිරි දින කීපය තුළ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් පොලිසියට පැමිණිලි කරන බවත් එවැනි ක්‍රියාමාර්ගයකට පිවිසීමට මෙතෙක් කටයුතු නොකළේ එම ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ දෙව්පියන් අහිංසක නිසා බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *