රටේ මූල්‍ය පාලන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවට පැවරී පවතිද්දී මහ බැංකුව ස්වාධීන බවට පත්කිරීමට පනතක් සම්මත කිරීම වැරදි සහගත බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි.
රජය වෙනුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය සහ නිකුත් කිරීම සිදුකරන්නේ මහ බැංකුව බවත් එනිසා මහ බැංකුව පාර්ලිමේන්තුවට යටත් විය යුතු බව තමන්ගේ මතය යැයි හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය.
එසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයෙන් ස්වාධීන විය යුතු බවත් මුදල් අමාත්‍යංශ පාලනයෙන්ද නිදහස් විය යුතුය. එසේ නොමැතිව ශ්‍රී ලංකා මහ බංකුවට පූර්ණ ස්වාධීනත්වයක් ප්‍රදානය කිරීම අනාගතයේ නැති ප්‍රශ්න ඇති කරවන තත්ත්වයක් විය හැකි බව ද හිටපු අගවිනිසුරුවරයා කීය.
පරමාධිපත්‍ය බලය ඇත්තේ රටේ ජනතාව සතුවයි. ජනතාව නියෝජනය කරන්නේ මහජන නියෝජිතයන්ගෙන් සැදි පාර්ලිමේන්තුවයි. එබැවින් අයි.එම්.එෆ්. සංවිධානය නිර්දේශ කළ පමණින් මහ බංකුව පූර්ණ ස්වාධීන ආයතනයක් නොවිය යුතු බව සරත් එන්. සිල්වා අවධාරණය කරයි.