රිටි පැනීමේ ජාතික ශූරිය ඩුබායි රටේ ගෘහ සේවයේ..!

July 15, 2023 at 8:35 am | by emanisa.lk

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි සචිනි කෞෂල්‍යා පෙරේරා මේ වන විට රට හැර ගොස් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත වන බව වාර්තා වෙයි.

රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා 9කදී අලුත්කර ඇති ඇගේ නම ඉදිරියේ යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ද ලියැවී තිබේ.

ඇය 2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය බවට පත්වූ අතර ආර්ථික දුෂ්කරතා නිසා වසරකට පමණ පෙර ගෘහසේවිකාවක ලෙස මැදපෙරදිග ගොස් තිබේ.

සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණිය වන අතර අංශභාග රෝගයට ගොදුරුව සිටින සචිනිගේ මව මේ වන විට එක්තැන්ව සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *