ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් තුළ කොතනකවත් සේවක අර්ථ සාධකය මත බර පටවන කොන්දේසියක් නොමැති බවත් මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් බොරු ප්‍රචාර සිදු කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
එවැනි කොන්දේසියක් තිබේ නම්, එය පෙන්වන ලෙස මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ඕනෑ ම කෙනෙකුට තමා අභියෝග කරන බව ද හෙතෙම කීය.
අදාළ ගිවිසුම රජයක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් ඒ සියලු කොන්දේසි ස්වයං පනවා ගැනීමක් බවත් ඔහු සඳහන් කළේ ය.