වසන්තලගේ මෝඩ කතා ඇහෙද්දි හිනායනවා..! අත්පුඩි ගහන වියත්තු දකිද්දි ඇඬෙනවා..! – පාඨලී…

July 13, 2023 at 7:14 pm | by emanisa.lk

සැහැල්ලු දුම්රිය සේවය පිළිබඳ වසන්ත සමරසිංහ සිදුකළ ප්‍රකාශය ඇසූ විට සිනාසී හැඬීමට සිදුවන බව හිටපු මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

රටේ ප්‍රවාහන පද්ධතිය, නගර සංවර්ධනය පිළිබඳ තමන් සිදුකළ ශක්‍යතා අධ්‍යයන පිළිබඳ කිසිවක් නොදැන විහිළු කතා කියමින් රටේ බලය ඉල්ලන සියල්ල දත් මෙන් කෑ ගසන නූගතුන් පිරිස දුටුවිට සිනහ යන බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

සැහැල්ලු දුම්රිය මාර්ගයේ එක පසකට නොව දෙපැත්තට ගමන් කරන බවත් ආරම්භයේ දී සෑම මිනිත්තු 15කටම වරක් පෙට්ටි 04ක් සහිත දුම්රියක් එහා මෙහා ගමන් කරන අතර එය ක්‍රමයෙන් පෙට්ටි 14 දක්වා වැඩි කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ගම්වල බෝක්කු උඩ මෙන් බොරු කයිවාර ගසමින් 74 වසරක ශාපය ගැන කියමින් බලය ඉල්ලන අයගේ තරම දකින විටත් එම බොරු කයිවාරුවලට අත්පුඩි ගසන වෘත්තිකයින් දකින විටත් රටේ අනාගතය ගැන බියක් ඇති වන බව ද පාඨලී චම්පික රණවක වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *