දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය සිකුරාදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ දේව මෙහෙයෙන් පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් උපයාගෙන ඇති බව වාර්තා වෙයි.
බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු තවමත් විදෙස් රටක රැඳීසිටින අතර ඔහුට එරෙහි නඩුවක්ද මේ වන විට අධිකරණයේ විභාගවෙමින් පවතියි.
මෙවන් වාතාවරණයක දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිකුරාදා දිනවලදී සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන දේව මෙහෙය සඳහා පසුගිය සිකුරාදා පමණක් පුද්ගලයන් 300ක් ලියාපදිංචි වී ඇත.
ඊට එක් අයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 139ක මුදලක් අය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබේ. ඒ අනුව, ඔහු එමගින් උපයා ඇති වටිනාකම රුපියල් කෝටියකට අධික බවට විශ්වාස කෙරේ.
මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු දේශනා පවත්වන කටුනායක, මිරකල් ඩෝම් ශාලාව පිහිටි ඉඩම ඔහුට නොමිලේ ලබාදී ඇත්තේ මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් වන අතර විමර්ශන නිලධාරීන්ට අනුව එම ශාලාව ඉදිකිරීම සඳහා වියදම් කර ඇති සම්පූර්ණ මුදල් රුපියල් කෝටි 253කි.
කෙසේ වෙතත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු කිසිදු අකාරයක නීතිවිරෝධී වත්කම් ඉපැයීමක් සිදුකර ඇති බවක් මෙතෙක් අනාවරණ වී නොමැති බව ද විමර්ශන නිලධාරීන් පවසයි.