පඬු කරඳ ගහ විනාශ නොකර වෙන තැනක සිටුවන්න තිබුණා..!

July 12, 2023 at 3:23 pm | by emanisa.lk

පණු කරඳ ගහ වෙන තැනක රෝපණය නොකර විනාශ කිරීම වරදක්…!

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙන් ආරක්ෂිත ශාකයක් වූ ගම්පහ දාරළුවේ පිහිටි පඬු කරඳ ශාකය අතු කපා දමා මුල් උගුල්ලා විනාශ කිරීම නීති විරෝධී යැයි පාරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

මේ ශාකය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය පවා නොතකමින් අත්තනෝමතික අයුරින් කටයුතු කිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

හානියක් නොවන අයුරින් ඉතා ආරක්ෂිතව මේ ශාකය වෙනත් ස්ථානයක ප්‍රතිෂ්ඨාපනය කරනවා වෙනුවට එය සහමුලින් ම විනාශ කර දැමීම කිසි ලෙසකින්වත් සාධාරණීයකරණය කළ නොහැකි බව ද හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *