පොලිස්පති ධූරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට එකඟතාවක් ගොඩනඟා ගැනීමට අසමත්ව ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (09) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා අතර සිදුව තිබේ.
එහි දී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා දැඩිව විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට කාදිනල් ප්රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද මෙයට පෙර සිය විරෝධය ප්‍රකාශ කොට තිබිණි.