රටේ විනය හොඳට ම පිරිහිලා…! පොලිස්පතිකමට සුදුස්සෙක් නෑ…!

July 9, 2023 at 3:29 pm | by emanisa.lk

රටේ විනය කෙතරම් පිරිහී තිබේද යත් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.

ඒ නිසා ඉන්න පොලිස් පොලිස්පති පුටුව මාස තුනෙන් තුනට දිගු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බව ද එජාප මහ ලේකම්වරයා කීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෝලිමක් සිටින අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව එකේ සිට හතරට වන තුරුම විවිධ චෝදනා පරීක්ෂණ උසාවිවල නඩු තිබෙන බව ද චෝදනා අඩු අය ඇත්තේ පහේ සිට අටවෙනියා වන තුරු පමණක් බව ද කී රංගෙ බණ්ඩාර පෙන්වා දෙයි.

රටේ විනය සහ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායමේ තත්ත්වය මෙය නම් රටේ අනෙක් තැන්වල නීතිය සහ විනය ගැන කතා කරලා වැඩක් තිබෙනවාදැයි එජාප මහ ලේකම්වරයා ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *