ඩයනා කියන විදිහට ගංජා වැව්වොත් හිරේ යන්න වෙන්නේ..! – රාජ්‍ය ඇමැති සිසිරි ජයකොඩි…

July 9, 2023 at 9:21 am | by emanisa.lk

ආයුර්වේද පනත සම්මත වනතුරු රට තුළ කංසා කලාප පිහිටුවීමේ හැකියාවක් නොමැති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති නීතිඥ සිසිර ජයකොඩි පවසයි.

රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ පාරම්පරික ඖෂධ නිෂ්පාදනයට ආයුර්වේද වෛද්‍යවරුන් යොදාගන්නා කංසා වගා කිරීමට නෛතික බලය ලැබෙන පරිදි 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවයි.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව රටට ආදායමක් උපයාදීමේ අරමුණින් අපනයනය සඳහා කංසා කලාප පිහිටුවීමේ හැකියාව ලැබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

සංචාරක රජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ප්‍රකාශ කරන පරිදි ඊට පෙර කංසා වගා කළහොත් හිරේ යාමට සිදුවනු ඇතැයි ද සිසිර ජයකොඩි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *