ඉන්දියාව යළි ලංකාවේ පිහිටට..! ණය ගෙවන්න වසර 12ක කාලයක්…!

July 7, 2023 at 6:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීමට වසර 12ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම් කරන බව ඉන්දියාවේ අපනයන ණය ඇපකර සංස්ථාවේ [India’s Export Credit Guarantee Corporation (ECGC) Ltd)] සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්. සෙන්තිල්නාදන් පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, චීනයට ඩොලර් බිලියන 3ක්, පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියන 1.6ක් වශයෙන් ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1ක් ණය බව ය.

මේ අනුව ඉදිරි වසර 3-4 තුළ ගෙවිය යුතු ඉන්දියානු ණය පියවීම සඳහා ලංකාවට වසර 10-12ක සහන කාලයක් හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *