රට බංකොලොත් වුණ හැටි හොයන කමිටුවේ 14න් 09ක් ආණ්ඩුවේ…!

July 7, 2023 at 12:21 pm | by emanisa.lk

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැවරෙන වගකීමය.

මීට අමතරව අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, මහින්දානන්ද අලු‍ත්ගමගේ, ජයන්ත කැටගොඩ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, විජිත හේරත්, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, ශානක්කියන් රාසමාණික්කම් මෙම කාරක සභාවේ සෙසු සමාජිකයෝ වෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *