රට යළි අරාජික කරන සැලසුමක්…! මහනුවර හෝටලයක වැඩමුළුවක්..! හමුදාව සමග හැපෙන හැටි උගන්වයි..!

July 7, 2023 at 11:44 am | by emanisa.lk

රට තුළ නැවතත් අර්බුදයක් ඇති කර රට අස්ථාවර කිරීමට කණ්ඩායමක් කටයුතු කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

පසුගිය සතියේ මහනුවරසුප්‍රසිද්ධ හෝටලයක දී වැඩමුළුවක් පවත්වා ඊට සහභාගි වූවන්ට විරෝධතාවක දී හමුදාවට හා පොලිසියට ප්‍රතිචාර දැක්වීම හා කඳුළු ගෑස්, ජල ප්‍රහාර සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දුන් බව බුද්ධි අංශ අනාවරණය කොට ඇති බව ද හෙතෙම කීය.

රට අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළට සහයෝගය ලබා දෙන විවිධ කණ්ඩායම් ඉදිරියේදී වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද එම බුද්ධි වාර්තා පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

දැවැන්ත අර්බුදයකට මුහුණ දීමෙන් පසු රට නැවත යථා තත්ත්වයට පත්වීම වැළැක්වීමට මෙම කණ්ඩායම් උත්සාහ ගන්නා බවත් මේ සියලු කණ්ඩායම්හි ක්‍රියාකාරකම් බුද්ධි අංශය නිරන්තරයෙන් අවේක්ෂණය කරන බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *