ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 250ක්..!

July 4, 2023 at 4:50 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබුණු අතර එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහය වීමට වෙන් කර තිබිණි.

එම මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් මෙලෙස ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *