පොලිස්පතිකම දේශබන්දුට දෙන්න එපා…! – කාදිනල්තුමා ජනපතිට දැනුම් දෙයි…

June 30, 2023 at 5:20 pm | by emanisa.lk

නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ මැල්කම් කාදිනල් රංජිත් හිමි අගරදගුරුතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාළ කරුණ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවගේ සහ පොදු මහ ජනතාවගේ අව්‍යාජ අභිලාෂය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙම ලිපිය යොමු කරන බවයි, උන්වහන්සේ දන්වා ඇත්තේ.

නව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙස කාදිනල්තුමා එමගින් ඉල්ලා තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය ද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමේ දී පොලිස්පති වැනි ඉහළ තනතුරකට ඔවුන්ගේ නම් යෝජනා කිරීමට හෝ නිපුණතාවයේ මෙන්ම වෘත්තිමය ක්‍රියාකාරී බවේ කැපී පෙනෙන ලකුණු ඔවුන් තුළ නොමැති බව කාදිනල්තුමා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *