දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ උසාවි ටිකත් වහගෙන…! – විමල්…

June 30, 2023 at 2:57 pm | by emanisa.lk

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉතිහාසයේ පළමු වතාවට සෙනසුරාදා සහ ඉරිදා පාර්ලිමේන්තුව විවෘත කර සාකච්ඡා කරන බව හිටපු අමාත්‍ය, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ පවසයි.

එයට හේතුව මේ දිනවල උසාවි වසා ඇති බැවින් කිසිවෙකු උසාවයට යාම වැළැක්වීම බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සෙනසුරාදා ඉරිදා එය සාකච්ඡා කොට පොහොට්ටුකාරයින් ලවා සම්මත කර ගැනීම මෙහි අරමුණ බවට හෙතෙම චෝදනා කළේය.

විමල් වීරවංශ සඳහ්න් කළේ, රට වැසියාට උසාවි යාමට ඇති අයිතියත් අහෝසි කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සැලසුම බවත් රනිල් වික්‍රමසිංහට කළ හැක්කේ එවැනි වෙට්ටපිත්තල වැඩ බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *