දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
බංකොලොත්භාවයට පත්ව තිබූ ආයතන පවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් නැවත යථා තත්ත්වයට පත්වන බව ද හෙතෙම කීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කිසිදු පාර්ශ්වයක් අසාධාරණයට ලක්වීමට ඉඩ තබන්නේ නැතැයි ද EPF, ETF ඇතුළු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ද ඔහු අවධාරණය කළේය.
යම් කිසි පාර්ශ්වයක් මේ ක්‍රියාවලිය සඳහා සහය නොදක්වන්නේ නම් ඔවුන්ට සිදුවන්නේ නැවතත් මහ ජනයාට බියේ ගෙවල්වල හැංගී ඉන්න බව ද වජිර අබේවර්ධන සිහිපත් කළේය.