කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 100ක හිඟයක්…! සත්කාරක සේවා අඩාලයි…!

June 22, 2023 at 10:46 am | by emanisa.lk

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වෙයි. මෙම තත්ත්වය නිසා රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමේදී ගැටලු රැසක් ඇති වී තිබේ.

මෙම රෝහල සඳහා වෛද්‍යවරුන් 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරුන් 460 දෙනෙකු පමණි. මෙම වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහල තුළ අලුතෙන් ඉදිකළ ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය යූ.එම්. රංග පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ලබා නොදීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *