දුෂ්කර පාසල් 2671ක දරුවන්ට පොත්පත් සහ පාසල් උපකරණ….!

June 22, 2023 at 9:51 am | by emanisa.lk

අප රටේ දූ දරුවන්ට පොත් පත්, පෑන් පැන්සල් සහ අනෙකුත් අධ්‍යාපන උපකරණ ලබා දෙන LOLC සමාගම සිදුකරන දිවි සවිය වැඩසටහන දින 50 ක් සම්පූර්ණ කරයි.

එම දිවි සවිය වැඩසටහන යටතේ අප රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස තෝරාගත් දුෂ්කර පාසල් 2671 එකක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. එම පාසල් සියල්ලම දරුවන් 100 අඩු ප්‍රමාණයක් සිටින දුෂ්කර පාසල්ය.

LOLC සමාගමේ උප සභාපති ඉශාර නානායක්කාරගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම දිවි සවිය වැඩසටහන වෙනුවෙන් එම සමාගම සිදු කරන ආයෝජනය රුපියල් බිලියන 1.5 වඩා වැඩියි.

මෙම දිවි සවිය වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් LOLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන පැවසුවේ, “මෙම ව්‍යාපෘතිය මගින් රටේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අයිතියක්, බලාපොරොත්තුවක් සහ ඔවුන්ගේ උපරිම හැකියාවෙන් දියුණු වීමට දැක්මක් ලබා දෙනු ඇති බවට LOLC සමාගම විශ්වාස කරන බවයි”.

රටේ මහජනතාව වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී වැඩ කරන LOLC සමාගම මීට පෙර කෝවිඩ් වසංගතය සමයේ ඔවුන්ගේ දිවිසවිය වැඩසටහන් යටතේ මුළු රටම ආවරණය වන ආකාරයෙන් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *