ජවිප බුරනවා විතරයි හපන්නේ නෑ…! කවදාවත් ෆයිල් ටික නීතිය ඉදිරියට යන්නේ නෑ…!

June 21, 2023 at 1:56 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ බොරුවට බුරනු මිස කිසිදා හපා නොකන බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

ඔහු අභියෝග කරන්නේ හැකි නම් බදාදා දූෂණ විරෝධී පනත සම්මත වූ පසු සියලු ෆයිල් රැගෙන දූෂණ විරෝධි කමිටුවට යන ලෙසයි.

තව දුරටත් ෆයිල් කබඩ්වල පුරවා ගෙන සිටිය යුතු නැති බවත් පසුගිය සමයේ හොරු යැයි කී සියලු දෙනාට එරෙහිව ෆයිල් ඉදිරිපත් කර දඬුවම් ලබා දීමට පෙරමුණ ගන්නා ලෙසත් ඔහු ජවිපෙන් ඉල්ලයි.

කෙසේ වුව ද ජවිපෙ කිසිදු අවස්ථාවක ඒ සඳහා කටයුතු නොකරනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

එයට හේතුව අදාළ චෝදනා අසත්‍ය නම් ද්වේෂ සහගත ලෙස චෝදනා එල්ල කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීම ද නව පනතින් ඉඩ ලැබීම යැයි පාලිත රංගෙබණ්ඩාර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *