ගිය පාර ගහද්දි අපි ලේස්ති වෙලා හිටියේ නෑ…! පුළුවන් නම් දැන් ගහපල්ලා…! – පොහොට්ටු ලේකම්…

June 18, 2023 at 7:59 pm | by emanisa.lk

අපට සහ අපේ පාක්ෂිකයින්ට පසුගිය වර පහර දුන්න ද නැවත පහර දීමට ඉඩ නොතබන බව පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඒ අවස්ථාවේ එවැනි ප්‍රහාරයකට සූදානම් වී නොසිටි බව හෙතෙම සඳහන් කරයි.

හැකි නම් දැන් පහර දෙන ලෙසත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බවත් සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.

කවුරු කයිවාරු ගැසුව ද ඊළඟ ජනාධිපතිවරයා බිහි කරන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි, ඔහු අවධාරණය කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හාරිස්පත්තුව ආසන නියෝජිත හමුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *