ගංජා කිලෝ 12ක් ඇල්ලූ පොලිස් නිලධාරීන්ගේ වැඩතහනම්…!

June 16, 2023 at 12:43 pm | by emanisa.lk

කොළඹ – මහනුවර මාර්ගයේ කැලණිය ගුවන් පාලම අසළ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කොට තිබේ.

එම සිද්ධියේදී සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට කැලණිය (1) සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

අදාල වාහනයේ පිටුපස තිබූ ජංගම දුරකථන තොගයක් සහ ගමන් මළු කීපයක් පිළිබඳව නිලධාරියෙක්ට ඇති වූ සැකයක් මත පරීක්‍ෂා කරමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනා වාහනය පණ ගන්වාගෙන පලාගොස් ඇති අතර වාහනයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරීන් භාරයේ තිබී ඇත.

වාහනයේ පිටුපස විවෘතව තිබියදී අදාල පුද්ගලයන් වාහන පණගන්වා පලායද්දී එහි තිබූ තවත් ගංජා බෑගයක් පාරේ වැටී තිබියදී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිසියට භාරදී ඇත. රියදුරු බපත්‍රය ඔස්සේ පරීක්‍ෂණ කර පලාගිය වාහනය පොලිස් භාරයට ගෙන තිබුණ ද පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා අපොහොසත්ව ඇති බව වාර්තා වේ.

කිරීම පිළිබඳව එම නිලධාරීන් දෙදෙනා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *