ජාතික ආරක්ෂක කමිටුවට ෆොන්සේකා වෙනුවට හකීම්…!

June 9, 2023 at 10:03 am | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.

ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් පත් කිරීමට නියමිතය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද (09) ඒ බව දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *