ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකාලෝක විය. පොසොන් පොහොය නිමිති කොට ගෙන අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජාව ඇතුළු පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විදුලි ආලෝක පූජාව විවෘත කිරීම සාමාන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එය සුවිශේෂී සිද්ධියකි.
එදා මෙදා තුර සාමාන්‍ය ජනතාවගේ මූලිකත්වයෙන් විදුලි ආලෝක පූජාව විවෘත නොකිරිණි. මෙම අවස්ථාවට දෙස් විදෙස් බෞද්ධ පිරිස එක්ව සිටියහ.