රාජපක්ෂලාට හොරු කියන විපක්ෂේ රාජපක්ෂලා පත් කළ ජනක රකින්න ඡන්දේ දෙනවා..! – වජිර…

June 1, 2023 at 1:27 pm | by emanisa.lk

රාජපක්ෂලා හොරු හැටියට හංවඩු ගහන විපක්ෂයේ කණ්ඩායම් රාජපක්ෂලා විසින් තනතුරුවලට පත් කළ අය ආරක්ෂා කිරීමට ඡන්දය දී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

මේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ කණ්ඩායම් කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙන බව කී වජිර අබේවර්ධන, ලංකාවට අනාගතයක් සකසන්න නම් සියලුදෙනා දෙබිඩි පිළිවෙත්වලින් ඉවත්වී අවංකවම රටේ ජාතික ප්‍රශ්න දෙස බැලිය යුතුව තිබෙන බව ද කීය.

පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ හැසිරීම රටේ ජනතාව තේරුම් ගත යුතු අතර විශේෂයෙන් සජිත් සහ ඩලස් පාර්ශ්ව ක්‍රියා කරන අන්දම ගැන ශ්‍රී ලාංකික ජනතාව කල්පනාවෙන් බැලිය යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී වජිර අබේවර්ධන මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *