නෙලුම් කුලුනේ කුරුටු ගී ලියූ යුවළක් අත්අඩංගුවට…!

May 31, 2023 at 2:08 pm | by emanisa.lk

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් එහි බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා එහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බවය.

ජනතා මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව ද නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මීට පෙර සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *