ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට රු. බිලියන 03ක අල්ලසක් ලබා දීමට මංජු නිශ්ශංක යෝජනා කර ඇතැයි බලංගොඩ කශ්‍යප හිමි සඳහන් කරයි.
ඒ සඳහා තමන් කියන ආකාරයට දේශපාලන කටයුුතු කළ යුතු බව අනුර දිසානායකට මංජු නිශ්ශංක එහි දී ප්‍රකාශ කොට ඇති අතර අනුර දිසානායක එය ප්‍රතික්ෂේප කළ බවද එහිමියන් අනාවරණය කරයි.
බුදු දහමට අපහාස කළ නටාෂා එදිරිසූරිය ඇතුළු කණ්ඩායම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන් බවට චෝදනා ලබන මංජු නිශ්ශංක කොටි ඩයස්පෝරාවේ සහ බෝන් ඒගේන් අන්තවාදී ආගමික කල්ලියේ බළල් අතක් බව ද කශ්‍යප හිමි පෙන්වා දෙයි.
මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සඳහා කටයුතු කරන මංජු නිශ්ශංකගේ ලංසුව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අනුර දිසානායකට ස්තූති කරන බව ද එහිමියන් සඳහන් කළේ මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.