එක්ස්ප්‍රස් පර්ල් මිලියන 250ක අල්ලස ගත්තේ හිටපු ඇමැති සමීපතමයෙක්…!

April 29, 2023 at 6:45 pm | by emanisa.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි අය කර ගැනීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා ලබ චාමර ගුණසේකර යනු හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ සමීපතමයකු බව සමාජ මාධ්‍ය පවසයි.

නාලක ගොඩහේවා පසුගිය මැතිවරණය සඳහා තරඟ වදින අවස්ථාවේ ඔහුගේ කාර්යාලය සහ කාර්ය මණ්ඩලය සඳහා සියලු වියදම් දැරුවේ මංජු නිශ්ශංක නම් අයකු බවත් එහි සඳහන් වෙයි.

එංගලන්තයේ වාසය කළ මංජු ශ්‍රී නිශ්ශංක නාලක හේවාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් එවා ඇත්තේ ද මෙම චාමර ගුණසේකරගේ ගිණුමින් බවයි, එහි වැඩි දුරටත් ප්‍රකාශ වන්නේ.

කෙසේ වුව ද හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම නැව මුදා හැරීමට තමා කිසිදු බලපෑමක් නොකළ බවත් වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරය දැරුව ද අදාළ සිදුවීම පිළිබඳ නිසි බලධාරියා තමා නොවූ බවත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස