රාජ්‍ය නිලධාරීන්ට ඕන විදිහට මාධ්‍ය ප්‍රකාශ බෑ…! චමල් සංජීවගේ වැඩතහනම සාධාරණයි…! – ශ්‍රේෂ්ඨාධීකරණය…

May 29, 2023 at 2:45 pm | by emanisa.lk

රාජ්‍ය නිලධාරීන්ට තම අභිමතය පරිදි ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

ආයතන ප්‍රධානීන්ගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කිරීමට හෝ ජනමාධ්‍ය වෙත තොරතුරු සැපයීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇත.

සූරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් සියයට 80ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට මෑතකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ එම ප්‍රදේශයේ සේවයේ නියුතු රජයේ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිගමනයට එළඹ තිබේ.

බුවනෙක අලුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *