සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුණතා ඒකකය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වී සකස් කළ හතේ අපේ පොත නැවත පාසල් දරුවන්ට පමණක් නොව අලුත විවාහපත් වූවන්ට ද ලබා දීමට, ළමයින් සඳහා වන පාර්ලිමේන්තුව සංසදය තීරණය කර ඇත.
දරුවන් සේ ම මවුපියන් ද ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුම්වත් වීමේ වැදගත්කම පදනම් කරගෙන මෙම තීරණය ගැනීමට සංසදය කටයුතු කළ බව එහි සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න පවසයි.
ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල හරහා එකී පොත බෙදාහැරීම සහ දැනුම්වත් කිරීම් කළ හැකි යැයි ද විජේරත්න මහත්මිය අවධාරණය කළා ය.
පාසල් සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් සකස් කර පාසල් සහ පෙළපොත් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත බෙදා හරිනු ලැබ තිබූ මෙම කෘතිය සමාජයේ කිසියම් කණ්ඩායමකින් එල්ල වූ විරෝධය මත අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විසින් ම 2019 වසරේදී බෙදා හැරීම අත්හිටුවනු ලැබිණි.