ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති ලෙස පූජ්‍ය මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කොට තිබේ.
මෙතෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය ජී.ඇල්. පීරිස්ය. කෙසේ වුව ද අනතුරුව ඔහු එම පක්ෂයෙන් ස්වාධීන වී නිදහස ජනතා සභාවට එකතු විය.
අද (22) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීන්දුව ගෙන තිබේ.
කෙසේ වුව ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව නීති විරෝධී බවත් එහි දී ගන්නා තීන්දුවලට එරෙහිව නඩු මගට යන බවත් මහාචාර්ය ජී.ඇල්. පීරිස් ප්‍රකාශ කොට තිබිණි.