පොහොට්ටු සභාපති ධූරයට හිමි නමක්…! ජී.ඇල්. ඉවත් කරයි…!

April 22, 2023 at 11:51 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති ලෙස පූජ්‍ය මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කොට තිබේ.

මෙතෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය ජී.ඇල්. පීරිස්ය. කෙසේ වුව ද අනතුරුව ඔහු එම පක්ෂයෙන් ස්වාධීන වී නිදහස ජනතා සභාවට එකතු විය.

අද (22) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීන්දුව ගෙන තිබේ.

කෙසේ වුව ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව නීති විරෝධී බවත් එහි දී ගන්නා තීන්දුවලට එරෙහිව නඩු මගට යන බවත් මහාචාර්ය ජී.ඇල්. පීරිස් ප්‍රකාශ කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස