තමා ප්‍රසිද්ධියේ දිගට ම කඩේ ගිය අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස දැන් තමන්ගේ දුරකතන ඇමැතුම් සඳහා ප්‍රතිචාර නොදක්වන බව අරගලය සමයේ මහත් ප්‍රසිද්ධියට පත් කැවුතු ආච්චි පවසයි.
සජිත් ප්‍රේමදාස දැන් තමන්ගේ කෙටි පණිවිඩයකට පවා පිළිතුරු නොදෙන නමුත් නිළියන්ට ලක්ෂ ගණන් මුදල් බෙදන බවට ද චෝදනා කරයි.
සජිත් වෙනුවෙන් ප්රසිද්ධිය් දිගට ම කඩේ ගිය තමන්ට ගඩොල් 500ක් ලබා දීමට පවා ඔහු කටයුතු නොකළේ තමා ජනප්‍රිය අයකු නොවන නිසා බවට ද ඇය චෝදනා කළාය.