ජනතාව පාරට බැහැලා අපි ඉල්ලලා කෑ ගහන දවස වැඩි ඈතක නෙමෙයි..! – පොහොට්ටු ලේකම්…

April 9, 2023 at 7:18 pm | by emanisa.lk

නුදුරු දිනකදීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් ජනතාවට අවශ්‍ය වනු ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

“නිදහසින් පස්සේ ලංකාවේ බිහිවුණ සියලු ම නායකයින් කරපු තරාදියේ එක පැත්තකට දාලා, මහින්ද මහත්තයා කරපු වැඩ ටික අනිත් පැත්තට දැම්මහම. මහින්ද මහත්තයාගේ පැත්ත දිග වැඩියි.
ඒක නිසා ගෙවල් ගිනි තියලා, ගහලා, බය කරලා වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි ඔබ තමුන්නාන්සේලාගේ මේ පක්ෂය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපට මේ රට ගොඩනගන්න ඕන වුණේ ඔබගේ දරුවාට නැවතත් අනාගතයේ දී ගෙවන්න ණයක් අරගෙන නෙමෙයි.

කොතරම් ආර්ථික අපහසුකම් තිබුණත් අපේ ඒ කාලපරිච්චේදය තමයි මේ රටේ ණය ගත්ත නැති, හැබැයි ණය ගෙවපු කාලපරිච්චේදය. අපි දකිනවා අරගලයට නායකත්වය දීපු නායකයෝ අද කොහොම ද පාටි දදා දඟලනවා අපිට පේනවා.

මෙවැනි අනාගතයක් වෙනුවෙන් ද මේ රටේ ජනතාව පෙළගැස්සුවේ. මම හිතන්නේ, පක්ෂයක් හැටියට නැවතත් අපිව මේ රටේ ජනතාවට අවශ්‍ය වෙනවා ඉතා ම නුදුරු කාලයේ දී. දේශීයත්වය මත ගොඩනැගිච්ච ජාතිකත්වය මත ගොඩනැගුණ ජාතික ආර්ථිකයට යන්න අවශ්‍යයි කියලා මේ රටේ මිනිස්සු පාරට බැහැලා කෑගහයි.”

සාගර කාරියවසම් මේ බව සඳහන් කළේ, එම පක්ෂයේ කොළොන්නාව ආසන සමුළුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *