කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව අධිකරණය ඉවත දමයි..!

April 6, 2023 at 4:35 pm | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කළේය.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබිණි.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවය.

දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *